Gossips

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය රාගම සහ පොතුහැර ප්‍රදේශවලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 122 ක් සහ මුදලින් රුපියල් 50,000 ක් සමඟ පොතුහැර – කූරියම්පොල ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
45 හැවිරිදි ඔහු හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම රාගම – මගුල්පොකුණ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 630 ක් සමඟ 35 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.