Gossips

විපක්ෂයට ප්‍රතිපත්තියක් නොමැති බව එජාපය කියයි

ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙලක් නොමැති විපක්ෂය ජනතා ප්‍රශ්නවලට විසදුම් ලබානොදී ඒවා උග්‍ර කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එහි සභාපති අමාත්‍ය කබීර් හෂීම් පිළිමතලාවේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මේ බව කියා සිටියා.
මේ අතර ඉදිරියේදී කුමන මැතිවරණයක් පවත්වන්නේද යන්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට තීරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසනවා.
නිදහස් පක්ෂ ගල්ගමුව ආසන බලමණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.