Gossips

නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස ගොවීන්ට ඉල්ලීමක්

නැවත දැනුම්දෙනතුරු එළඹෙන යල කන්නය සදහා බඩ ඉරිඟු වගාව ආරම්භ නොකරන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්. ඩබ්ලිව්. වීරකෝන් ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සේනා දළඹු උවදුර දැනට මර්දනය කරමින් පවතින බැවින් බඩ ඉරිඟු වගා කිරීම යළි ආරම්භ කළහොත් දළඹුවන් පාලනයට බාධා ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.
මේ අතර, රට පුරා ව්‍යාප්ත වී සිටින සේනා දළඹු වසංගතය මර්දනය කිරීම සදහා අංශ කිහිපයක් එක්ව අද ගෙන්ගෙට යාමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කළා.
ඒ අනුව ඊට අදාළව පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමග එක්ව එහි පළමු වැඩසටහන අද ඇරඹුණේ අනුරාධපුර හුරුළුවැව කෘෂිකර්ම කලාපයෙන්.
එහිදී මහවැලි අධිකාරියේ කෘෂිකර්ම අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ කියා සිටියේ බොහෝ ගොවීන් සේනා දළඹුවන් යැයි පවසා වෙනත් දළඹු විශේෂයන්ට රැවටෙන බවයි.