Gossips

ඥානසාර හිමියන්ට පොදු සමාව ලබාදීමට ජනපති එකඟ වූ බව බොදුබල සේනාව කියයි

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
මේ අතර, ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදෙන ලෙස ඉල්ලා හින්දු සම්මේලනයේ සාමාජිකයින් අද කොළඹ කොටුවේදී විරෝධතාවක නිරත වුණා.
මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා විවිධ පාර්ශ්ව පසුගිය කාලයේ විවිධ වැඩසටහන් දියත් කළා.
භික්ෂු සංවිධාන කිහිපයක නියෝජිතයින් පිටකොටුව බෝධින් වහන්සේ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කලේ පසුගිය 19 වැනිදායි.
හින්දු සම්මේලනයේ සාමාජිකයන් අද පෙරවරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වුයේද ඥාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව දෙන ලෙස ඉල්ලමින්.
මේ අතර ඥාණසාර හිමියන්ට පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ල දියවඩන නිලමේ සහ හින්දු සම්මේලනයේ සභාපතිවරයා විසින් ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් තමන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් එම ඉල්ලීම ඉටු කර දෙන ලෙසත් අමාත්‍යවරයා එමගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පුජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් සඳහන් කළේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීමට පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවයි.