Gossips

ළහිරු කුමාරට විවේකයක් – දෙවන ටෙස්ට් තරඟය සහ දකුණු අප්‍රිකානු සංචාරයත් අහිමි වෙයි

ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය මෙන්ම, දකුණු අපි්‍රකාව සමඟ පැවැත්වෙන තරඟවලිය ද අහිමි වී තිබෙනවා.
සති 4 ත් 6 ත් අතර කාලයක් ඔහු විවේක ගැන්විය යුතු බවයි ඕස්ට්‍රේලියාවේ සමඟ අද පැවති තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ.
බ්‍රිස්බ්‍රෙන් නුවර පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියාව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාව පරදවා ඉනිමක සහ ලකුණු 40 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව අද සමත් වුණා.
මෙම තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 144 කට දැවී ගිය ශ්‍රී ලංකා පිල දෙවන ඉනිමේදී ලබා ගත්තේ ලකුණු 139 ක් පමණයි.
ඕස්ට්‍රේලියාව සිය මුල් ඉනිම සඳහා ලකුණු 323 ක් රැස් කළා.