Gossips

රට සංවර්ධනයට රාජ්‍ය දේපළ විකිණීම අවශ්‍ය නැහැ – විපක්ෂ නායක මහින්ද ජපාන මාධ්‍යවේදියෙකුට පිළිතුරු දෙයි

වසර 30ක යුද්ධය අවසන් වීමෙන් පසු රට සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය දේපළ අලෙවි කිරීම අවශ්‍ය නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ජපානයේ කියෝඩා ප්‍රවෘත්ති ආයතනයේ මාධ්‍යවේදි ඩෝටා එන්ඩෝ විපක්ෂ නායකවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනුයි මේ බව කියාසිටියේ.
මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ රට සංවර්ධනය කිරීමට රාජ්‍ය දේපළ අලෙවි කිරීමට අවශ්‍ය නොවන අතර රටේ සම්පත් උපයෝගී කර ගනිමින් රට සංවර්ධනය කළ හැකි බවයි.
වර්තමාන රජයට රට සංවර්ධනය කිරීමට නොව ජනතාවගේ කුසගින්න නිවීමට පවා නොහැකි තත්වයක් උදාවී ඇතැයි විපක්ෂ නායකවරයා මෙහිදී කියාසිටියා.
එමෙන්ම ජපානයේ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව වන අතර ආයෝජනය කළ හැකි ප්‍රදේශය හම්බන්තොට ප්‍රදේශය බවයි ඔහු ජපාන මාධ්‍යවේදියාට පෙන්වා දුන්නේ.
දේශීය සම්පත් අලෙවි කිරීම තම ප්‍රතිපත්තිය නොවන බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජපන් මාධ්‍යවේ දී ඩෝටා එන්ඩෝ හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.