Gossips

කේරළ ගංජා කිලෝ 2ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් ඊයේ වෑන් රථයකින් කේරළ ගංජා අලෙවි කිරීම සදහා ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.
උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිිරිසකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා, වෑන් රථය සහ කේරළ ගංජා තොගය මන්නාරම පොලීසිය වෙත භාර දී තිබෙනවා.