Gossips

බ්‍රසීලයේ – යපස් ආකරයේ වේල්ල බිඳී යාමෙන් 300 ක් අතුරුදන්

බ්‍රසීලයේ බෘමල්ඩිනෝ ප්‍රදේශයේ යපස් ආකරයකට සම්බන්ධ දැවැන්ත වේල්ලක් බිදී යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව දැන් වාර්තා වනවා.
ජීවිත ආරක්ෂක මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වුවත් තවත් කිසිවෙකු මුදා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව බ්‍රසීල බලධාරින් ප්‍රකාශ කළා.
සේවකයන් වේල්ල මත වූ ආපනශාලාවේ දිවා ආහාරය ගනිමින් සිටින විටයි මෙම අනතුර සිදුව ඇත්තේ.
ලොව විශාලතම වානේ නිෂ්පාදනාගාරයක් පිහිටි මෙහි 2015 වසරේ සිදුවූ අනතුරකින් ද පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, විෂ යකඩ අපද්‍රව්‍ය පැතිරීමෙන් විශාල පරිසර හානියක් ද සිදුවුණා.