ත්රිකුණාමලය – කන්දල්කාඩු ප්රදේශයේදී අවසර නොමැතිව මහවැලි ගඟේ වැලි පැටවූ පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ද දායකත්වය ලබාදුන් බවයි නාවික හමුදාව ප්රකාශ කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී ටිපර් රථ දෙකක් සහ වැලි කියුබ් 6 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, කන්තලේ – දෙහිවත්ත ප්රදේශයේදී අනවසර වැලි ජාවාරම්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද නාවික හමුදාව ඊයේ සමත් වුණා.