Gossips

එක්සත් ප්‍රතිමාව අවටින් කිඹුලන් ඉවත් කෙරේ

ඉන්දියාවේ – ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා දිස්ත්‍රික්කයේ පිහිටි සර්දාර් පටෙල්ගේ ලෝහ ප්‍රතිමාව අසල ජලාශයෙන් කිඹුලන් ඉවත් කිරීමට වනජිවි නිලධාරින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මීටර 3 දක්වා දිගැති කිඹුලන් 300 කට අධික පිරිසක් යකඩ කූඩුවලට අල්වා වෙනත් සංරක්ෂණ භූමියක් වෙත රැගෙන ගොස් ඇති බව සදහන්.
දුරස්ථ ප්‍රදේශයක පිහිටි ලොව උසම ප්‍රතිමාව වන අඩි 597 ක් උසැති මෙම ප්‍රතිමාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අදහසක් අනුව ඉදිකරන ලද්දක්.
එය ඇමරිකාවේ නිදහසේ ප්‍රතිමාව මෙන් දෙගුණයක් උස වීම විශේෂත්වයක්.
කෙසේ නමුත්, එය වෙත ළගා වීම සදහා සී ප්ලේන් භාවිත කිරීම අසල ජලාශයේ කිඹුලන් නිසා අභියෝගයක්ව තිබූ බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා.