Gossips

රජයේ වෛද්‍යවරුන් තවත් කමිටුවක් ඉල්ලයි

අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ නිර්දේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ කොතලාවල – ආරක්ෂක වෛද්‍ය පීඨයට අනුයුක්ත කළ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කමිටුවක් ද පත් කළ යුතු බවයි.