Gossips

ඇෆ්ගන් යුද්ධයේ ජීවිත හානි ගැන නව හෙළිදරව්වක්

2014 වසරේ සිට මේ දක්වා කාලය තුළ තලෙයිබාන් ඇතුළු සන්නද්ධ කණ්ඩායම් සමඟ ඇති වූ ගැටුම්වලදී ඇෆ්ගන් ආරක්ෂක හමුදා සාමාජිකයන් 45,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එරට ජනාධිපති අෆ්රෆ් ඝානි පවසනවා.
ඒ, ඔහු පාලනය බලය ආරම්භ කළ දා සිටයි.
මෙය ඇෆ්ගන් යුද්ධයේ ජීවිත හානි පිළිබදව මෙතෙක් ප්‍රකාශයට පත්වූ සංඛ්‍යා ලේඛනවලට වඩා ඉහළ වර්ධනයක් ලෙසයි සැලකෙන්නේ.
පසුගිය වසරේදී ප්‍රකාශ වූයේ ඇෆ්ගන් යුද්ධයෙන් මිය ගිය එරට සෙබළුන්ගේ සංඛ්‍යාව 28,000ක් බවයි.
එමෙන්ම පසුගිය පස් වසරක කාලය තුළ ඇෆ්ගන් යුද්ධයෙන් මිය ගිය විදේශ හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව හැත්තෑ දෙදෙනෙකු පමණක් බවත් ඇෆ්ගන් ජනාධිපතිවරයා සඳහන් කළේ.