Gossips

නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ වේදනා නාශක ඖෂධ තොගයක් සමන්තුරේ දී පොලිස් දැලේ පැටලෙයි

නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ වේදනා නාශක ඖෂධ තොගයක් සමන්තුරේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
කොළඹ සිට අම්පාර බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් සමන්තුරේ නගරයේදී පරික්ෂා කිරීමේදීයි මෙම ඖෂධ තොගය හමුවී ඇත්තේ.
සමන්තුරේ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශණ අංශයේ නිළදාරින්ට ලද තොරතුරක් මත මෙම පරික්ෂා කිරීම සිදුකළ අතර ඖෂධ තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ පාසල් සිසුන් අතර අලෙවි කිරීම සඳහා මෙම වේදනා නාශක ඖෂධ රැගෙනවිත් තිබූ බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.