Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනපතිට ප්‍රසාදය

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ අඩුපාඩු සංශෝධනය කිරීමට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීම පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රසාදය පළ කරනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ තුළින් ජනාධිපතිවරයා රටට හිතකර පියවරක් ගෙන ඇති බවයි.
සිංගප්පූරුවේ නිළ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා, ඊයේ (25) සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත වුණා.
එහිදී දෙරට අතර අත්සන් තබා ඇති නිදහස් වෙළඳ ගිවිසුමෙහි ශ්‍රී ලංකා පාර්ශවයෙන් අඩුපාඩු කිහිපයක් සිදුව ඇති නිසා අවශ්‍ය සංශෝධන සිදුකිරීමට, අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ.