Gossips

මහා පරිමාණ කේරළ ගංජා ජාවාරමක සුළමුල හෙළිවෙයි

දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූ කිලිනොච්චියේ සිට කොළඹට කේරළ ගංජා ප්‍රවාහන කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වී තිබෙනවා.
භාණ්ඩ බෙදා හැරීමේ සේවාවක් මුවාවෙන් මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇති බවටයි වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත ඊයේ (25) අනුරාධපුර – රඹෑව ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකදී වෑන් රථයකින් කොළඹට ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා කිලෝග්‍රෑම් 25ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තිහාරිය සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
අත්අඩංගුව ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න බවයි මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.