Gossips

කොරළවැල්ලේදී ගලකින් පහර දී සිදුකළ කාන්තා ඝාතනය

මොරටුව – කොරළවැල්ල ප්‍රදේශයේදී ගලකින් සිදුකළ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (25) පස්වරුවේ මෙම පහරදීම සිදුවී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
කොරළවැල්ල – පෙරේරා මාවතේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.