සමාජ මාධ්‍ය අතර පෙරමුණ ගත් ෆේස්බුක් නිර්මාතෘ සහ ප්‍රධාන සංවිධායක මාක් සකර්බර්ග් සිය ආයතන ජාලයට එක් කර ගත් මෘදුකාංග මෙවලම් ඒකාබද්ධ කිරීමට සූදානම් වනවා.
ඒ අනුව වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් හි මැසෙන්ජර් සේවාවන් ඒකාබද්ධ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එහෙත් ඒවා තවදුරටත් තනි සමාජ මාධ්‍ය ලෙස ද ක්‍රියාත්මක වනු ඇති.
ඒකාබද්ධ කිරීමෙන් පසු එම එක් මාධ්‍යයකට පමණක් සම්බන්ධ ග්රාහකයෙකුට අනෙකුත් ඕනෑම මාධ්‍යයක් හරහා පණිවුඩයක් හෝ ඡායාරූපයක් යැවීමට හැකිවීම විශේෂත්වයක්.
ඒ අනුව වට්ස්ඇප්, ගිණුමක් පමණක් හිමි අයෙකුට ෆේස්බුක් හරහා පණිවුඩයක් හෝ ඡායාරූපයක් යැවිය හැකි බවයි ෆේස්බුක් ප්‍රකාශකයෙකු සදහන් කළේ.
එහෙත් මෙම සේවාව ක්‍රියාත්මක වනු ඇත්තේ 2020 වසරේ සිටයි.