Gossips

ඌරු ජුවාගේ අනුදැනුම මත බලහත්කාරයෙන් මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායකයෙකු වන මාඹුලනගේ දිනෙත් මිලාන් හෙවත් ඌරු ජුවාගේ මෙහෙයවීම මත බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ කටයුතුවල නිරත වන දෙදෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී මන්නා පිහි 3ක් ද පොලිස් භාරයට ගත් බවයි.
බියගම ප්‍රදේශයේ පදිංචි 20 සහ 22 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.