Gossips

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8 සිට පැය 24ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනවා.
ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.
එම නිසා කල් තියා ජලය රැස් කර තබා ගන්නා ලෙස එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.