නීතිවිරෝධී ආකාරයෙන් මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 24 දෙනෙකු ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ඉන්දීය ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය ප්රදේශයේ කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදීයි.
ඔවුන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් එම වීසා කල් ඉකුත් වී තිබූ බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ වනවිට එම ඉන්දීය ජාතිකයින් 24 දෙනා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා ප්රශ්න කිරීම් සිදුකරන බව සඳහන්.
පසුව අදාළ පුද්ගලයින් ඉන්දියාවට යැවීමට කටයුතු කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුමේ එම නිලධාරියා හිරු ප්රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.