Gossips

බ්‍රසීලයේ වේල්ලක් බිදී 200ක් අතුරුදන්

බ්‍රසීලයේ බෘමල්ඩිනෝ ප්‍රදේශයේ යපස් ආකරයකට සම්බන්ධ දැවැන්ත වේල්ලක් බිදී යාමෙන් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා.
වේල්ල බිදී යාමත් සමඟ විෂ සහිත යකඩ අපද්‍රව්‍ය සහ ජලය විශාල ප්‍රදේශයකට පැතිර ඇති බව සඳහන්.
අනතුරෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, එය ඉහළ අගයක් ගනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ලොව විශාලතම වානේ නිෂ්පාදනාගාරයක් පිහිටි මෙහි 2015 වසරේ සිදුවූ අනතුරකින් ද පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, විෂ යකඩ අපද්‍රව්‍ය පැතිරීමෙන් විශාල පරිසර හානියක් ද සිදුවුණා.