Gossips

මංගල සාදයට වැසුනු භූ විද්‍යා කාර්යාලය

ඇතැම් රජයේ සේවකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ විට සේවා ලබාගැනීමට පැමිණෙන සාමාන්‍ය වැසියන් අපහසුතාවට පත්වන බව රහසක් නොවේ.
කුරුණෑගල භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට ඊයේ පැමිණි ජනතාවට ද එවන් අපහසුතාවකට මුහුණදීමට සිදුවුනේ එම නිලධාරීන් රාජකාරී වේලාව තුල විවාහ මංගලෝත්සවයකට සහභාගී වී සිටීම හේතුවෙන්.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.
හිරු සී.අයි.ඒ. දුරකථන අංකයට ඊයේ තොරතුරක් ලබාදුන් පුද්ගලයෙකු පැවසුවේ කුරුණෑගල – විල්ගොඩ පිහිටි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ රාජකාරී කිසිවක් සිදු නොවන බවයි.
එහි සිටි පුද්ගලයෙකු ගෙන් ඒ පිළිබද විමසීමේදී ප්‍රකාශ කලේ නිලධාරීන් විවාහ උත්සවයකට ගොස් ඇති බවයි.