Gossips

අද පස්වරුවේ පළාත් 4 කට වැසි

අද පස්වරුවේ උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නුවරඑළිය, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.