Gossips

සේනා මර්දනය කිරීම හා වන්දි ගෙවීම පිළිබඳ සතිපතා ජනපතිට සහ අගමැතිට වාර්තා

සේනා දළඹුවා මර්දනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව සතිපතා ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන ලෙසට තමාට උපදෙස් ලැබුණු බව අමාත්‍ය පී.හැරිසන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකට එක්වෙමින්.
මේ අතර, කංකුන් වගාවට ද සේනා දළඹුවාගේ බලපෑම එල්ල වී ඇති බව ගොඩකවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
බඩ ඉරිගු වගාවට හානි සිදුකරනු ලැබූ සේනා දළඹුවා මේ වනවිට කෙසෙල් වගාවට ද හානි සිදුකරන බව ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මේ අතර, ගොවීන් පවසන්නේ ඇතැම් පළතුරු සහ එළවළු බෝග වගාවන් තුල ද සේනා දළඹුවාට සමාන දළඹු විශේෂයක් ව්‍යාප්ත වී ඇති බවයි.