Gossips

වතු කම්කරුවන්ට රුපියල් 855 ක දීමනා සහිත දෛනික වැටුපක්

වතු කම්කරුවන්ට රුපියල් 855 ක දීමනා සහිත දෛනික වැටුපක් ලබාදීමට අද පැවති සාකච්ඡාවේදී එකගත්වයකට පැමිණ තිබෙනවා.
කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, කම්කරු කොමසාරිස්වරයා, වතු වෘත්තීය සමිති 3ක් මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමය ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
එහිදී රුපියල් 500 ක්ව පැවති දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ දැමීමට එකගත්වය පළ වූ බවයි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
එසේම, අර්ථසාධක දීමනා ද ඇතුළුව තවත් රුපියල් 155 ක දීමනා ඊට ඇතුළත් කිරීමට සහ අමතරව නෙළන තේ දළු කිලෝවක් සදහා මෙතෙක් ලබාදුන් රුපියල් 25 ක මුදල ද 40 දක්වා වැඩි කිරීමට ද හාම්පුතුන් එකගත්වය පළ කර තිබෙනවා.