Gossips

මාතලේ – තල්ගහගොඩ රජමහා විහාරයේ නිධන් කැණීම් කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

ඓතිහාසික මාතලේ – ඇටිපොල – තල්ගහගොඩ රජමහා විහාරයේ නිධන් කැණීම් කළ තරුණයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි.
සැකකරුවන් විහාරස්ථානයේ තිබූ පිළිම 5 ක් විනාශ කර ඇති බව ද පොලීසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර තරුණයන් තුන්දෙනා උකුවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 25 ත් අතර පසුවන්නන්.