Gossips

නීතිවිරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට

උතුරේ පලෙයිතිව් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (24) ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සතුව තිබී තහනම් දැල් කිහිපයක්, මුහුදු කූඩැල්ලන්, මසුන් සහ ඔවුන්ගේ යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් සහ ධීවර ආම්පන්න යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.