Gossips

වේග පන්දුව ඉදිරියේ සුපිරි ටෙස්ට් කණ්ඩායමේ පළමු ඉනිම නොසිතූ ලෙස කඩා වැටෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ වැඩි ගෞරව අත්කර ගැනීමට කොදෙව් කණ්ඩායම මේ වනවිට සමත්ව සිටිනවා.
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට තෙවන ස්ථානයේ සිටින එංගලන්ත කණ්ඩායම ඉතා අසීරු තත්වයකට ඇද දමන්නට කොදෙව් වේගපන්දු බල ඇණිය එංගලන්ත පළමු ඉනිමේදී සමත් වුණා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 289ක් රැස් කළා.
ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 77ක් පමණයි.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කෙමා රෝච් එංගලන්ත කඩුලු 05ක් බිඳ දැමුවේ පන්දුවාර 11ක් යවා ලකුණු 17ක් පමණක් ලබා දෙමින්.
බාබඩෝස්හි පැවැත්වෙන තරඟයේ දෙවන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන කොදෙව්වන් තවත් කඩුලු 04ක් අතැතිව ලකුණු 339ක් ඉදිරියෙන් සිටිනවා.