Gossips

වතු කම්කරු වැටුප් ගැන, සාකච්ඡා ඇරඹේ

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ වන විට කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.
කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, කම්කරු කොමසාරිස්වරයා සහ වතු කම්කරු සංගම් 3ක් මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමය ද මෙම සාකච්ඡාවට එක්වනවා.
මාස ගණනනක සිට දෛනික වැටුප දහස දක්වා වැඩි කරන ලෙසට වතු කම්කරුවන් ඉල්ලීම් කළ අතර, ඒ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී කම්කරු අමාත්‍යවරයා සහ වතු හාම්පුතුන් සමඟ සාකච්ඡා පැවැත්වුවත් ඊට නිසි විසදුමක් ලබා ගැනිමට නොහැකි වුණා.
ඒ අනුවයි අද මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ.