Gossips

වටවල රක්ෂිතයක ගින්නක්

හැටන්, වටවල ප්‍රදේශයේ ෆයිනස් වන වගා රක්ෂිතයක ඊයේ (24) රාත්‍රියේ සිට ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් මේ වනවිට අක්කර 4ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
කිසියම් පිරිසක් විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
වටවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, බුලත්සිංහල – පරගොඩ – හීන්පන්දල – බෙරකොත කන්දේ අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසියල හොරණ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඬ පවත්වා ඇති අතර ඉන් රක්ෂිතයේ අක්කර 2ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.