Gossips

අලව්වේ අනතුරකින් දෙදෙනෙකු මරුට

අලව්ව – කුරුණෑගල මාර්ගයේ කපුවරල ප්‍රදේශයේදී කැබ් රථයක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටී ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ ගමන් කළ දෙදෙනා අනතුරෙන් මිය ගොස් ඇති බවයි.
ඔවුන් අනුරාධපුර – ගල්කුලම සහ බුළුතොට ප්‍රදේශවල පදිංචිකරුවන්.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.