Gossips

ලෝක ආහාර සංවිධානය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්

ශ්‍රී ලංකාව තුළ සේනා දළඹුවා ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.
ස්වභාවික පාලනයක් හෝ මනා කළමනාකරණයක් නොමැති තත්ත්වයක් තුළ සේනා දළඹුවාට භෝග වගාවන්ට සැලකිය යුතු හානියක් සිදුකළ හැකි අතර, ගොවීන්ගේ ජීවනෝපායන්ටද බලපෑම් එල්ල කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
තම සංවිධානය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් වන තත්ත්වය නිරීක්ෂණය කරන අතර, රජය ඉල්ලා සිටින ඕනෑම තාක්ෂණික සහයක් ලබාදීමට කටයුතු කරන බවද එම සංවිධානය සඳහන් කළා.
මේ අතර, බාහිර පෙනුමෙන් සේනා දළඹුවා හා සමාන වෙනත් දළඹු විශේෂ කිහිපයක් මනම්පිටිය, හක්මන සහ පොලොන්නරුව ප්‍රදේ්ශවලින් වාර්තා වුණා.
ඉන් දළඹු විශේෂ දෙකක් වී වගාවන් වලින් හමු වූ අතර, අනෙක් විශේෂය හමුවූයේ බෝංචි වගාවක් තුළ සිටියදීයි.
මේ අතර, උඩවලව සහ කොළඹගේආර ප්‍රදේශවල සේනා දළඹු උවදුරට ලක්වූ බඩඉරිඟු වගාබිම් පළාත් කෘෂිකර්ම නිලධාරීන් පැමිණ ගිනි තබා විනාශ කර තිබෙනවා.