ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග, ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට තමන්ද එකඟතාවය පළකර අත්සන් තැබූ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ පෙරමුණ පවසනවා.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එහි නියෝජිත රජික කොඩිතුවක්කු මේ බව කියා සිටියා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුරැකීමේ පෙරමුණෙහි නව කාර්යාලය රාජගිරිය – බුත්ගමුව පාරේ මාදින්නාගොඩදී අද විවෘත කරන බව දන්වමින් සියළු මාධ්‍ය වෙතින් ඔවුන් මාධ්‍ය ආවරණයක් ඉල්ලා තිබුණා.
එහෙත් මාධ්‍යවේදීන් එම ස්ථානයට පැමිණෙන විට කිසිවෙකුත් එහි රැඳී නොසිටි අතර, පසුව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස එම ස්ථානයට පැමිණියා.
ඉන් අනතුරුව එම ස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර, ඊට එම පෙරමුණේ නියෝජිතයින් වන කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස සහ කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක රජික කොඩිතුවක්කු එක්ව සිටියා.