Gossips

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
එහිදී පක්ෂය ශක්තිමත් කිරීම ඇතුළු ඉදිරි වැඩපිලිවෙල පිළිබඳව කරුණු සාකච්ඡා වූ බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බවත් එය අනාවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයගන්නා බවත් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළා.