Gossips

නානයාමේ අවධානම් ප්‍රදේශයක පතල් කැපීමක් නිසා ජනතාවට අසීරුතා

නාය යාම් හේතුවෙන් මිනිසුන් සමගම මෙරට ගම්බිම් කිහිපයක්ම පසුගිය කාලයේ පොළවට වැලලී ගිය අයුරු හිරු ප්‍රවෘත්ති හරහා අප වාර්තා කළා.
එවන් ඛේදයන් අමතකව යාමටත් මත්තෙන් නායයෑමේ බරපතල අවධානමක් ඇති නිවිතිගල ගම්මානයක පතල් කැපීමකට අවසර ලබාදීම හරහා එහි වෙසෙන ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබඳවයි.
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලය මගින් 2004 වසරේදී මෙම ලිපිය නිකුත් කර ඇත්තේ බරපතල නාය යාමකට ගොදුරුව පවතින නිවිතිගලල වටාපොත කොස්වින්න ඉඩමේ පතල් කැපීම සම්බන්ධවයි.
එහි දැක්වෙන්නේ එම ඉඩමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පතල් කැපීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන බවයි.
2007 වසරේ ද නැවත නැවතත් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම මත අදාල ඉඩමේ පතල් කැපීම් අත්හිටුවා තිබුනා.
එහෙත් ඒ වනවිටත් ගම්වාසීන්ගේ නිවාස බොහොමයක් ඉරි තලා අවධානම් තත්ත්වයක් මතුව ඇති අතර පොළොව ද ඇතැම් ස්ථානවලින් පුපුරා ගොස් තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 2017 වසරේදී මෙම ස්ථානයේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව නිර්දේශ කර ඇත්තේ මෙම නිවෙස් නායයෑමේ අවධානමක් ඇති බැවින් පදිංචිකරුවන් වෙනත් ආරක්ෂිත ස්ථානයකට යොමු කරන ලෙසයි.
එම නිර්දේශ ලබා දී දෙවසරකට ඇසන්නව ඇතත් අදාල බලධාරීන් බහුතරයක් ජනතාවට ජීවත්වීමට සුදුසු වෙනත් ස්ථාන මෙතෙක් ලබාදී නැහැ.
යන එන මං නොමැතිව ජීවිත අවධානමත් දරාගෙන සිටින මෙම ජනතාවට සුදුසු ස්ථානයක් ලබාදීම ප්‍රමාද කරන රාජ්‍ය නිලධාරීන් මොවුන්ගේ ජීවිත අවධානම තවත් තීව්‍රර කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ 2004 වසරේ සිට වරින් වර තහනම් කෙරුණු පතල් කැණීමට නැවතත් අවසර ලබාදීමෙන්.
හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුයේ අළුතින් වාඩි සකසා ගනිමින් ලහි ලහියේ පතල් කැණීම් සදහා මෙලෙස ක්‍රියා කරන බවයි.
මෙම පතල් හිමිකරුවන් මෙන්ම සල්ලි කොළවලට ලොබ බදින නිලධාරීන් මෙම අසරණ මිනිසුන්ගේ ජීවිත අවධානම දකින්නේ කවදාද ?
හිරු සී.අයි.ඒ, ඉදිරියේදීත් මේ පිළිබදව අවධානයෙන්.