Gossips

කෝටි 2කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී එතනෝල් තොගයක් සොයාගැනේ

යාපනය චුන්නාගම් ප්‍රදේශයේදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී එතනෝල් ලීටර් 7400ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (23) රාත්‍රියේ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් එතනෝල් තොගය සහ සැකකරුවන් දෙදෙනා පිලිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
උතුරු ප්‍රදේශයෙන් හමුවූ විශාලතම එතනෝල් තොගය මේ වන බවයි පොලිසිය පවසන්නේ.
මෙම එතනෝල් ජාවාරම කලක පටන් සිදුකර ඇති බවට ද පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබී තිබෙනවා.
කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.