Gossips

වෙඩි වැදුණු තනි දළයාට ප්‍රතිකාර කිරීම ඇරඹේ

මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින වන අලියෙකු ගිරිතලේ වනජීවී නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
ඊයේ (23) සවස වනජීවී නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම තනි දළයා නමැති මෙම වන අලියා සොයාගෙන ඇත්තේ.
අඩි 8ක් පමණ උසකින් සමන්විත මෙම වන අලියාගේ වයස අවුරුදු 30ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
වෙඩි ප්‍රහාරය හේතුවෙන් උදරය ප්‍රදේශයට තුවාල සිදුවී ඇති තනි දළයාට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.