Gossips

වැල්ලවායේ වන අලි මෙහෙයුම

වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ ගම්මානයකට කඩා වැදී සිටි වන අලියෙකු එලවා දැමීමේ මෙහෙයුමක් අද උදෑසන ක්‍රියාත්මක කෙරුනා.
ඊයේ රාත්‍රී පැමිණි වන අලියා උදෑසන වන තෙක්ම ගම්මානයේ රැඳී සිටීම හේතුවෙන් ගම්වාසීන් ද දැඩි කලබලයකට පත්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වන අලියා ආනපල්ලම ප්‍රදේශයේ පාසලක් අසල රැඳී සිටීම හේතුවෙන් ළමුන් ද දැඩි බියට පත්ව තිබුනා.
අනතුරුව වැල්ලවාය වනජීවී කාර්යාල නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වන අලියා කැලයට එලවා දැමීමට පියවර ගත්තා.