හොරොව්පොතාන – ඓතිහාසික කිරලාගල ස්ථූපය මත නැග ඡායාරූප ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අග්නිදිග සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 
ඔවුන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී, නියෝග කෙරුණේ ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. 
මෙහිදී සිසුන්ට විභාගයකට පෙනී සිටීමට ඇති බැවින් ඇප ලබාදෙන ලෙසයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 
එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර බස් රථයකින් ඔවුන්ව විභාගයට පෙනී සිටීම සඳහා රැගෙන යන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.



