Gossips

අමාත්‍ය මණ්ඩල සංශෝධනය කාඩ් කුට්ටම මාරු කිරීමක් – හිටපු ජනපති

අද (25) සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය එකම කාඩ් කුට්ටම මාරු කිරීමක් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා අද (25) උදෑසන ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්වලට එක්වූ අතර, ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අනුනායක හිමිවරුන්ද බැහැදුටුවා.
අනතුරුව හිටපු ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ද බැහැදුටුවා.