Gossips

කිරිපිටිවලටත් මිල සූත්‍රයක්

කිරිපිටි සඳහා ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ කිරිපිටි සමාගම්වල නියෝජිතයින් එක්ව පසුගියදා පැවති සාකච්ඡාවකදීයි මේ පිළිබඳව එකඟතාවකට පැමිණ ඇත්තේ.
මීට මාස 2 කට පෙර කිරි පිටි මිල ඉහළ දමන ලෙසට අදාළ සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල සහ ඩොලරයේ මිල ඉහළ යාම හේතුවෙන්.
කෙසේ වෙතත් ඔවුන් සඳහන් කළේ කිරිපිටි මිල ඉහළ දැමීම අවශ්‍ය නොවන අතර, කිරිපිටි කිලෝවක් සඳහා රජය අයකරනු ලබන රුපියල් 107 ක්ව පැවති බද්ද අඩුකරන ලෙසටයි.
ඒ අනුව ඉදිරියේදී කිරිපිටි සමාගම්වල නියෝජිතයින් සමඟ එක්ව මෙම මිල සූත්‍රය සකස් කිරීමට කටයුතු කරන බවයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.