Gossips

හෙරොයින් සමඟ මායා අත්අඩංගුවට

බොරැල්ල – හල්ගහකුඹුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 103 යි මිලිග්‍රෑම් 300 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගත් මෙම කාන්තාව 32 හැවිරිදි එම්. රුක්ලන්ති හෙවත් මායා නමින්ද හඳුන්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඇය බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.