Gossips

කිම් ජොං අන්ගෙන් යහපත් ප්‍රතිචාර

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සාකච්ඡාවලට එකඟතාව දක්වමින් එවන ලැබූ ලිපියකට උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා එකඟතාව දැක්වීම තමන් සෑහීමකට පත්වන බවයි උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර ඇත්තේ.
උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ ප්‍රධානතම සාකච්ඡා නියෝජිතයා වන කිම් යොං චොල්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පණිවුඩයක් රැගෙන වොෂින්ටන් නුවරට ගියේ පසුගිය 18 වෙනදායි.
මේ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන වටයේ සාකච්ඡාව පෙබරවාරි මස අගදී වියට්නාමයේ පැවැත්වෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.