Gossips

රාජ්‍ය ආයතන 17 ක් ගැන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට

අටවන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරයේ කෝප් කමිටුවේ පළමු වාර්තාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින්.
2017 වසරේ ජූලි 1 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාලසීමාව තුළ රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙම වාර්තාව තුළ අන්තර්ගත බවයි එය සභාගත කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේ.