Gossips

කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු

රුපියල් කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කොල්ලූපිටියෙන් සොයාගැනීමේ සිද්ධියට අදාල ජාවාරම මෙහෙයවා ඇත්තේ මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙනිස්ථානයේ සිට බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
මෙම ජාවාරම සම්බන්ධයෙන් ටර්ක්මෙනිස්ථාන් යුවලක් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මොවුන් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවටද අනාවරණය වී ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ.
හෙරොයින් සොයාගත් කොල්ලූපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක් මසකට රුපියල් ලක්ෂ තුන බැගින් මාස දෙකක කාලයක් සඳහා මොවුන් කුලී පදනම මත ලබාගෙන ඇති බවද තොරතුරු ලැබී තිබෙනවා.