Gossips

සේනා අස්වනු හානිය ගණනය අද ඇරඹෙයි

සේනා දළඹු උවදුර හේතුවෙන් සිදුවූ අස්වනු හානි ගණනය කිරීම අනුරාධපුරයෙන් අද ආරම්භවනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, සේනා දළඹු මර්දන ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග කියා සිටියේ මොණරාගල, අම්පාර, බදුල්ල, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් සේනා දළඹු වගා හානි වාර්තාවී ඇති බවයි.
කමිටු 3 ක් හරහා සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා මේ වනවිට කටයුතු යොදා ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළා.