Gossips

බලපත්‍ර රහිතව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් පොලිසියට කොටු

කැකිරාවේ සිට අකුරණ දක්වා බලපත්‍ර රහිතව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (25) උදෑසන ලද තොරතුරකට අනුව අලවතුගොඩ ප්‍රදේශයේ දී සිදුකළ හදිසි පරීක්ෂාවකදී මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි සිටි ගවයින් දස දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.