Gossips

චීන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ලේඛකයෙක් අතුරුදන්

චීන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි ලේඛකයෙකු චීනයේදී අතුරුදන් විම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
යැන්ග් හෙන්ග් ජුන් නැමැති මොහු චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසද කටයුතු කර ඇති අතර, පසුගිය සෙනසුරාදා නිව්යෝක් නුවර සිට චීනයට පැමිණිමෙන් පසු ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මොහු සිය බ්ලොග් අඩවිය මගින් චීන කොමියුනිට්ස් පක්ෂය දැඩි ලෙස විවේචනය කළ අයෙකු බවද සඳහන්.