Gossips

අනුරාධපුරයේ අනතුරකින් මවක සහ දියණියක මියයයි

අනුරාධපුර – නව පුත්තලම ප්‍රධාන මාර්ගයේ පොතානේගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන් කළ මවක සහ දියණියක මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අපරීක්ෂාකාරී ලෙස ත්‍රිරෝද රථය හැරවීමට යාමේදී අධික වේගයෙන් පිටුපසින් පැමිණි කැබ් රථයක ගැටීමෙන් අද මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මියගිය මව 73 හැවිරිදි වියේ සහ දියණිය 54 හැවිරිදි වියේ පසුවනවා.
සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ රියදුරා සහ මියගිය දියණියගේ සැමියා තුවාල ලැබූ අතර, ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.