Gossips

දකුණු අප්‍රිකාව දණ ගැස්සූ ඉන්දියාවට ඊයේ හිමිවූ සුවිශේෂී දේ

දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණ දෙකට එකක් ලෙස ජයගැනීමට ඉන්දියාව ඊයේ (24) සමත්වුණා.
ඒ, කේප් ටවුන් හි පැවති තුන්වන විස්සයි විස්ස තරගය ලකුණු 07 කින් ජයගනිමින්.
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ඉන්දියාවට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර 20 තුළදී කඩුලු 07 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා.
පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු පිලට සිය පන්දු වාර 20 තුළදී කඩුලු 06 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 165 ක් පමණයි.
මේ අතර දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයත් සමග අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය තහවුරු කරගත් ඉන්දීය පිලට අයි.සී.සී. ටෙස්ට් සෙංකෝලය පිරිනැමීම කේප් ටවුන් නුවරදී ඊයේ සිදුවුණා.
ඒ සමඟ ජයග්‍රාහී ඉන්දීය පිලට පිරිනැමුණු ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබාගත්තේ ඉන්දීය නායක විරාට් කෝලි විසින්.